FAST NEWS

24×7 Around the Globe

කුසල් වෙනුවෙන් ගීතා ඉදිරිපත් වේ

තහනම් උත්තේජක චෝදනා එල්ලවි සිටින කුසල් ජනිත් පෙරේරා බේරාගැනීමට සියලු ක්‍රීඩා ලෝලීන් මේ අවස්ථාවේ එකාවන්ව කටයුතු කළ යුතු බැව් ගාල්ල දිස්ත්‍රික් සන්ධානයේ මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය කියයි.

ගීතා මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් මේබව කියා සිටියාය.

ඇය මේසේද කීය.
“කුසල් ජනිත් ක්‍රිකට් ක්‍රීඩකයා අපේ ක්‍රිකට් කණ්ඩායමේ සිටින නැගී එන දක්ෂ ක්‍රීඩකයෙක්, තහනම් උත්තේජක ගත්තා කියා ඔහුට චෝදනා කරමින් මේ ක්‍රීඩකයාගේ ක්‍රිකට් දිවිය විනාශ කරන්න හදනවා. මේ ක්‍රීඩකයා වෙනුවෙන් මා සෘජුව පෙනී සිටිනවා. අපේ ක්‍රීඩා ඇමැතිවරයා මේ සිද්ධිය සම්බන්ධයෙන් සුවිශේෂී වූ කාර්යභාරයක් ඉටු කරනවා. ඒ ගැන අපි එතුමාට ස්තූති කරනවා. ඇත්තටම මේ තුළ ඇත්තේ කුමන්ත්‍රණයක්. සුපිරි ක්‍රීකට් ක්‍රීඩක සනත් ජයසූරියගෙන් පස්සේ ඔහුගේ පිතිකරණ රටාව අනුව තමයි මොහු පන්දුවට පහර දෙන්නේ. මේ ක්‍රීඩකයාගේ ක්‍රීඩා දිවිය විනාශ කරන්න ඉඩ දෙන්න බැහැ. මීට කලින් මේ වගේ තහනම් උත්තේජක සම්බන්ධයෙන් චෝදනාවලට ලක් වූ ක්‍රිකට් ක්‍රීඩකයින් නිදහස් වෙලා තියෙනවා.”