වසර 2020 වන විට තෙල් බැරලයක මිල නැවත ඇමෙරිකානු ඩොලර් 70 දක්වා ඉහළ යනු ඇති බව තෙල් අපනයනකරුවන්ගේ සංගමය වන ඔපෙක් සංවිධානය පවසයි.
පසුගිය වසර මැද වන විට ඇමෙරිකානු ඩොලර් 110කට අධික අගයක් ගත් තෙල් බැරලයක මිල මේ වනවිට ඇමෙරිකානු ඩොලර් 37 දක්වා පහත බැස තිබේ.
මෙයට හේතුව ඉහළ සැපයුම සහ අඩු ඉල්ලුම බව එම සංවිධානය පවසයි.
කෙසේවෙතත් ලබන වසර වනවිට තෙල් මිල ඉහළ යනු ඇති බවත් කැනීම් කටයුතු සඳහා වැය වන මුදල හේතුවෙන් එය තවදුරටත් ඉහළ යනු ඇති බවත් එම සංවිධානය පවසයි.
1970 දශකයේදී ලෝක තෙල් නිෂ්පාදනයෙන් 50%ක් ආවරණය කළ ඔපෙක් සංවිධානය මේ වනවිට ආවරණය කරන්නේ 30%ක ප්රමාණයක් පමණයි.
එයට එක් හේතුවක් වන්නේ ඇමෙරිකානු තෙල් නිෂ්පාදන සමාගම් විශාල වශයෙන් වෙළඳපළට එක්වීමයි.මෙම තත්වයද තෙල් මිල පහත වැටීමට හේතු වී ඇති බව එම සංවිධානය පවසයි.






