FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රීවරුන් 24 දෙනෙකුට රටින් පිටවීම තහනම්ලු ?

වත්මන් යහපාලන රජය තමන් ඇතුළු මන්ත්‍රීවරුන් 24 දෙනෙකුට රටින් පිටවීම තහනම් කර ඇතැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මාතර, මාවරල ශ්‍රී මුත්තු මාරි අම්මාන් දේවාලයේ ඊයේ (27) පැවති දේව පූජාවට සහභාගීවීමෙන් අනතුරුව ජනතාව අමතමින් ඔහු මේ බව පැවසීය.

“අපි ත්‍රස්තවාදය පරාජය කිරීමට, බෙදුම්වාදය පරාජය කරන්න විශාල සටනක නියුතු වූවා. අද ඒ ජයග්‍රහණය වැඩිපුරම භුක්ති විඳින්නේ දකුණේ ජනතාවට වඩා උතුරේ දෙමළ ජනතාවයි. මේ අවුරුද්දක කාලය තුළ කිසිම දෙයක් කෙරිලා නැහැ. අපි කරගෙන ආපුවත් අතරමඟ නතර කරලා තියෙන්නේ.

මේ අයවැය ගැනත් කතා කරන්න දෙයක් නැහැ. තව මාස 3 ක් යනකොට තේරෙයි බඩුමිල වැඩිවීම කොහොමද කියලා. රජයක් විදියට අනුන්ට වෝදනා කර කර ඉන්න එක නෙමෙයි කරන්න ඕන ජනතාවට සහන සැලැස්වීමයි කළ යුත්තේ” යැයිද ඔහු සඳහන් කළේය.