FAST NEWS

24×7 Around the Globe

දෙවැනි තරගයෙන් නවසීලන්තයට සුපිරි ජයක්.

තරගාවලියේ බලාපොරොත්තු තවදුරටත් ශ්‍රී ලංකාවෙන් දුරස් කරමින් දෙරට අතර අද (28දා) පැවති දෙවැනි එක්දින තරගයෙන්ද කඩුලු 10 ක පහසු ජයක් ලැබීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය තරග 2 – 0 ක් ලෙස නවසීලන්ත කණ්ඩායම පෙරමුණේ පසුවෙයි.

ක්‍රයිස්චර්ච්හි හැග්ලේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. කෙසේ නමුත් මැට් හෙන්රිගේ හා මිචෙල් මැක්ලෙන්ග්හැන්ගේ අභියෝගාත්මක පන්දු යැවීම ඉදිරියේ බලාපොරොත්තු වූ ලකුණු සංඛ්‍යාවක් කරා ඉනිම රැගෙන යාමට ශ්‍රී ලංකා පිතිරකරුවන්ට නොහැකිවූ අතර, අවසානයේ පන්දුවාර 27.4 තුල සියල්ලන් දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 117 ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ නවසීලන්ත පිතිකරුවෝ කිසිවෙකුත් නොදැවී ලකුණු 118 ක ජයග්‍රාහී ඉලක්කය පසුකරයාමට සමත්විය. මෙහිදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ඉනිමක් ක්‍රීඩාකළ මාටින් ගප්ටිල් පන්දු 30කදී ලකුණු 93 ක් රැස්කිරීමට සමත්විය. ඔහුගේ ප්‍රහාරත්මක ඉනිමට හතරේ පහර 09 ක් හා හයේ පහර 08 ක් අන්තර්ගත වූ අතර, එම ඉනිම හේතුවෙන් පන්දුවාර 8.2 කදී ඔවුන්ට ජයග්‍රහණය සම්පූර්ණ කරගැනීමට හැකිවිය. ගප්ටිල් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.

මෙම තරගයේදී ජෙෆ්රි වැන්ඩර්සෙ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින වරම් දිනාගත්තේය.