ශ්රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංගගේ ශාරීරික යෝග්‍යතාව පරීක්ෂා කෙරෙන විශේෂ පරීක්ෂණයක් හෙට (26) දින පැවැත්වීමට නියමිතය.
එම පරීක්ෂණටය් ප‍්‍රතිඵල අනුව මාලිංගට නවසීලන්ත සංචාරයට එක්වීමේ අවස්ථාව පිළිබඳ අවසන් නිගමනයකට පැමිණීමට නියමීතව ඇත.
ශ්‍රී ලංකා ක්‍රීකට් නිවේඳනය මගින් ඊයේ (24) සඳහන් කර සිටියේ පාදයේ ආබාධය මෙතෙක් සුව නොවීම හේතුවෙන් මාලිංගට හෙට (26) ආරම්භ වන නවසීලන්ත සංචාරයේ පළමු එක්දින තරග දෙක අහිමි වනු ඇති බවය.
කෙසේ වෙතත් පළමු එක්දින තරගය අහිමි වුවද සෙසු තරගවලට සහභාගී වීමේ අවස්ථාව ලසිත් මාලිංගට හිමිවනු ඇති බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුව විශ්වාසය පළ කර සිටියි.






