හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යෝගී ව්‍යායාමවල නිරත වන ඡායාරූපයක් මේ දිනවල අන්තර්ජාලය තුළ ඉතා ප්‍රසිද්ධියට පත්ව තිබේ.
මෙය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුම තුළ පළ කළ එකක් වන අතර විවිධ ජාතික පුවත්පත්වල ද මෙය උණුසුම් පුවතක් බවට පත් විය.
එම ඡායාරූපය පිළිබඳ ඊයේ අදහස් පළ කළ හිටපු ජනාධිපතිවරයා පැවසූවේ එය තමාට හොරොන් නාමල් රාජපක්ෂ මහතා විසින් ලබාගත් එකක් බව යි.
“මම අද ඊයේ නෙවෙයි යෝග කරන්න පටං ගත්තේ. දැන් තමයි පත්තරේ පින්තූර වැටෙන්නේ. නාමල් එක්ක කරන්න ගිහිල්ලා තමයි වැඩේ කෑවේ” යනුවෙන් ද රාජපක්ෂ මහතා පැවසුවේ ය.
වීඩියෝව පහතින්
[youtube url=”https://www.youtube.com/watch?v=XSBfzW4GwhI” width=”560″ height=”315″]








