FAST NEWS

24×7 Around the Globe

චමීර සහ මිලින්ද ගැන ක්‍රීක් ඉන්ෆෝ වෙබ් අඩවිය විශේෂ සටහනක් තබයි.

පසුගිය නවසීලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ කැපී පෙනෙන ක්‍රීඩකයන් පිළිබදව විශේෂ සටහනක් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය ඉදිරිපත් කර සිටියි.

වේග පන්දු යන ක්‍රිඩක දුශ්මන්ත චමීර සහ තුන් ඉරියව් ක්‍රිඩකයෙකු ලෙස කණ්ඩාමට එක්ව සිටින මිලින්ද සිරිවර්ධන ශ්‍රී ලංකා පිළේ අනාගතයට බලාපොරොත්තුවක් එක් කර ඇති බව එයි සඳහන් වේ.

පැයට කිලෝමීටර් 146ක් ලෙස තරඟාවලියේ වේගවත්ම පන්දුව ඇතුළුව දක්ෂ පන්දු යැවීමක නිරත වූ දුශ්මන්ත චමීර තරගාවලිය පුරා කඩුලූ 12ක් බිද හෙලීමට සමත් විය..

මිලින්ද සිරිවර්ධන තරඟ දෙකේදී ලකුණු 158ක් රැස් කළ අතර, එමගින් ඔහු කණ්ඩායමේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වු බවද ක්‍රීක් ඉන්ෆෝ සඳහන් කරයි.

තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් එනම් ලකුණු 192ක් රැස් කර ගත්තේ දිනේෂ් චන්දිමාල් විසිනි.

ඔහුගේ ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 48ක් වු අතර, කඩුල්ල පිටුපස සිට නවසීලන්ත ක්‍රීඩකයන් 5 දෙනෙකු දවාලීමට තරගාවලිය පුරා දායක වීම පිළිබඳව අගය කිරීමක් ක්‍රීක් ඉන්ෆෝ වෙබ් අඩවිය සිදු කර ඇත.