FAST NEWS

24×7 Around the Globe

සුපිරි ක්‍රීඩක හර්බජාන් ලංකාවේ ආයෝජනයට සැරසේ.

තමන් ශ‍්‍රී ලංකාවේ ආයෝඡනය කිරීම සඳහා සූදානම් යයි හිටපු ඉන්දීය දඟ පන්දු යවන ක‍්‍රීඩක හර්බජාන් සිං පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ මෙරටට පැමිණ මුදල් අමාත්‍ය රවි කරුනානායක මහතා සමඟ පැවති සාකච්ඡාවලින් පසුය.

වෙනත් විදෙස් රටක අයෝජනය කිරීමට වඩා ශ‍්‍රි ලංකාවේ ආයෝජනය සතුටට කරුණක් බවත් එය දෙරටේ සම්බන්ධය තවත් වැඩ කරන්නක් බවත් ඔහු කියා සිටියේය.

මෙහිදී මුදල් ඇමති රවි කරුණානායක මහතා කියා සිටියේ අයවැය මගින් විදෙස් ආයෝජකයින් දිරිමත් කිරීම නිසා මෙවන් සුපිරි චරිත මෙරට ආයෝජනයට එන බවයි.