FAST NEWS

24×7 Around the Globe

ඉදිරියේදී මන්ත්‍රීවරු අසාවෙන් පාර්ලිමේන්තු එන කාලයක් උදාවෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහභාගී වන සෑම සභාවාරයක් සඳහාම රුපියල් 20000ක දීමනාවක් ගෙවීමට ආණ්ඩු පක්ෂය යෝජනා කොට තිබෙනවා.

මන්ත්‍රීවරයකු සහභාගී වන පාර්ලිමේන්තු සභාවාරයකට මෙතෙක් කලක් ගෙවනු ලැබූවේ රුපියල් 500ක දීමනාවක් පමණි. සාමාන්‍යයෙන් මසකට සති දෙකක් දින 4 බැගින් පාර්ලිමේන්තුව රැස්වීම සම්ප්‍ර‍දාය වේ. ඒ අනුව මන්ත්‍රීවරයෙකු මසකට දින 8ක් පාර්ලිමේන්තු සභාවාර සඳහා පැමිණේ.

ඒ අනුව ගත් කල මසක් තුළ පැවැත්වෙන සෑම පාර්ලිමේතු සභාවාරයකටම මන්ත්‍රීවරයකු සහභාගීවේ නම් රුපියල් 160000ක මුදලක් දීමනා වශයෙන් ලැබෙනු ඇත. මෙතෙක් දින 8ම සහභාගීවන මන්ත්‍රීවරයෙකුට හිමිවූයේ රු. 4000ක මුදලකි. නව යෝජනාවෙන් රුපියල් 156000ක අමතර ආදායමක් ලැබෙනුයේ ඒ අනුවය.