FAST NEWS

24×7 Around the Globe

එන්රික්ගේ ප්‍රසංගයේ ලක්ෂ 209ක බදු වංචාවක්?

ලතින් ඇමරිකානු පොප් ගායක එන්රික් ඉග්ලේසියස් විසින් පසුගියදා කොළඹ දී පැවැත්වූ සංගීත ප්‍රසංගයේදී කොළඹ මහ නගර සභාවට ලක්ෂ 209 ක බදු ආදායමක් අහිමිවී ඇතැයි එහි නිලධාරින් චෝදනා කරයි. මෙය මෑත කාලයේ සිදුවූ විශාලතම විනෝදාත්මක බදු වංචාව බවද ඔවුන් විසින් පෙන්වා දෙයි.

කොළඹ මහා නගර සභාවේ නිල මුද්‍රාව නොමැතිව එහි සංවිධාකයන් විසින් ටිකට් පත් අලෙවි කොට ඇති බවත් එවැනි ටිකට් පත් රාශියක් මහ නගර සභාව විසින් සිදුකල විමර්ශනයකදී ඔවුන්ගේ බාරයට ගෙන තිබේ. මෙවැනි ප්‍රසංගයක් කිරීමට ප්‍රථම ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් අවසර ගත යුතු නමුත් මෙම උත්සවයේ සංවිධායකයන් විසින් එවන් කිසිදු අවසරයකින් තොරව CR&FC භූමියේ ප්‍රසංගය පැවත්වීමට කටයුතු යොදා තිබේ.

කොළඹ මහ නගර සභාව විසින් සිදුකළ සොයාබැලීමකදී හෙළිවී ඇත්තේ රුපියල් 35000 ටිකට්පත් මිලදී ගත පුදගලයන් 5000 ක් පමණ එම සංගීත සංදර්ශනයට සහභාගී වී ඇති බවයි. කොළඹ මහ නගර සභාව විසින් මෙම බදු වංචාව සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බව වාර්තා වේ.