FAST NEWS

24×7 Around the Globe

වන සංහාරයක් නැතැයි වන සංරක්ෂණයෙන් සහතිකයක් – අපහාසයට එරෙහිව රිෂාඞ් කෝටි 100ක් ඉල්ලයි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇති අතර එයින් පැහැදිලි කර සිටින්නේ පසුගිය රජය සමයේ උතුරු නැගෙනෙහිර වන විනාශයක් සිදු වුවද වර්තමානයේ එවැන්නක් සිදු නොවීමට තම ආයතනය වග බලා ගැනීමට කටයුතු කර ඇති බවය.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව තුළ සිදුවන වන සංහාරය වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙස රජයට බල කරමින් පසුගිය 19 දින ජාතික සංඝ සම්මේලනය හා ප්‍රධාන පරිසර ක්‍රියාකාරීන් පිරිසක් කොළඹ දී විරෝධතා පා ගමනක් සංවිධාන කර තිබුණි.

එහිදී ජාතික සංඝ සම්මේලනයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාට ශ්‍රී ලංකාව තුල සිදුවන වන සංහාරයේ මූලික පාර්ශවකරුවෙකු බවට චෝදනා කර සිටියේය.

කෙසේ වෙතත් කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා තමන්ට එල්ල වූ අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින් 19 වනදා පස්වරුවේ කුරුඳුවත්ත පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කීරීමට කටයුතු කළේය.

තමන්ට සිදුවූ අපහාසයට රුපියල් කෝටි 100ක වන්දියක් අදාල පාර්ශව වෙතින් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා මාධ්‍ය වෙත වැඩි දුරටත් පැවසීය.

[youtube url=”https://www.youtube.com/watch?v=7ppfgFvsc1Q” width=”560″ height=”315″]