හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අමුතු ආකාරයේ ඡායාරූපයක් මේ වන විට අන්තර්ජාලය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
යෝග උපදේශක නන්ද සිරිවර්ධන මහතා යටතේ යෝග ව්‍යායාම කරමින් සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම ඡායාරූපය අන්තර්ජාලයට මුදා හැර ඇත්තේ ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ මහතාය.
නන්ද සිරිවර්ධන මහතාගේ උපන් දිනය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙම අපූරු ඡායාරූපය පළ කර ඇත.
යෝග ගුරු සිරිවර්ධන සමග තම පියා සිය 70 වැනි උපන්දිනයට පසුදා යෝග ව්‍යායාම් කරද්දී එම පින්තූරය ගෙන තිබේ.
සිරිවර්ධන, නාමල්ගේද යෝග ගුරුවරයායි.
එම ගුරුවරයාගෙන් තම දරුවන්ටත් යෝග ව්‍යායාම් ඉගෙන ගත හැකි වෙතැයි නාමල් පැතුමක්ද ඉදිරිපත් කර තිබේ.
(නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ සම්පූර්ණ සටහන පහතින් දැක්වේ)
” රටේ වැදගත් ශ්‍රී ලාංකිකයෙකුගේත්, ගුරුවරයකුගේත්, උපන් දිනය අදයි. ඔහු වෙන කිසිවෙකුත් නොව ප්‍රවීන යෝග උපදේශක, නන්ද සිරිවර්ධනයි. මම ඔහුට දෙන උපන් දින තෑග්ග ලෝකයේ කිසිවෙකුත් මෙතෙක් දැක නැති සිහිවටනයකි.
ඒ මාගේ ආදරණීය පියාණන් ඔහුගේ 70 වන උපන් දිනට පසුදා යෝගී ව්‍යායාම කරන අතර තුර ගුරු නන්ද සමග සිටයදී මාගේ කැමරාවට හසුකරගත් ඡායාරූපයයි.
ගුරුතුමනි, අද දවසේ මාගේ ප්‍රාර්ථනාව මාගේ සහ පියාගේ යෝග ගුරුවරයා වන ඔබතුමා දිනක මගේ දරුවන්ගේ ද ගුරුවරයා වනු දැකීමයි”.
තෙරුවන් සරණයි !









