FAST NEWS

24×7 Around the Globe

බිස්වාල් හදිසියේම ශ්‍රී ලංකාවට.

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු රජයේ සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් ඊයේ (20දා) උදේ ශ්‍රී ලංකාවට පැමිණියාය.

පසුගිය අගෝස්තු මාසයේදීද ශ්‍රී ලංකාවට පැමිණි ඇය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, විදේශ ඇමැති මංගල සමරවීර මහත්වරුන් ඇතුළු රජයේ උසස් නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වූවාය.

ඇය ශ්‍රී ලංකාව ඇතුළු දකුණු හා මධ්‍යම ආසියානු රටවල විදේශ ප්‍රතිපත්ති පිළිබඳ සොයා බලන්නීය.
මෙවරද ඇය රජයේ බලධාරීන් හා උසස් නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන්නට බලාපොරොත්තු වන්නීය.