FAST NEWS

24×7 Around the Globe

තාජුඩීන් ඝාතන සැකකරු යෝෂිත සමග ගත් ඡායාරූප මෙන්න.(ඡායාරූප)

රග්බි කී‍්‍රඩක වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු ඝාතන 10 කට අධික ප්‍රමාණයකට ද, විනිසුරු මංජුල තිලකරත්නට පහර දීම, මර්වින් සිල්වාගේ පුතාට පහර දී පැහැරගෙන යෑම ආදී අපරාධ රැසකට වගකිව යුතු සැකකරුවකු ලෙස හඳුනා ගෙන ඇති තිස්ස හෙවත් කැප්ටන් තිස්ස, මේජර් තිස්ස, පොඩි තිස්ස ආදී නම් වලින් හඳුන්වන පුද්ගලයා, යෝෂිත රාජපක්ෂ සමග සිටින සේයාරුවක් ‘ලංකා ඊ නිව්ස්’ වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත්කර ඇත.

මේ සමග දැක්වෙන්නේ ඉන් දෙකකි.

තජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් මොහු අත් අඩංගුවට ගැනීමට නියමිත අතර, මෙරටින් පිට වීම තහනම් කෙරෙන අධිකරණ නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය බ‍්‍රහස්පතින්දා ලබා ගෙන ඇත.

Muderer Tissa2Muderer Tissa1