FAST NEWS

24×7 Around the Globe

ඇන්ජලෝ මැතිව්ස් අර්ජුනගේ ටෙස්ට් කි‍්‍රකට් වාර්තාවක් බිඳ දමයි.

හිටපු නායක අර්ජුන රණතුංග තැබූ ටෙස්ට් කි‍්‍රකට් වාර්තාවක් බිඳ දැමීමට නායක ඇන්ජලෝ මැතිව්ස් අද (18) සමත්වුණා. එ නවසීලන්තය සමග හැමිල්ටන්හිදි අද (18) ආරම්භ වූ පළමු ටෙසට් තරගයේදී.

වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ ශී‍්‍ර ලංකා ටෙස්ට් නායකයා ලෙස අර්ජුන රණතුංග තැබූ වාර්තාවක් මැතිව්ස් විසින් මෙලෙස අද බිඳ දැමුවා. අර්ජුණ රණතුංග ටෙස්ට් ඉනිම් 92කට එක්වෙමින් හයේ පහර 25ක් එල්ල කරමින් එම වාර්තාව පිහිටුවා තිබුණා. මැතිව්ස් අද තරගයේදී එල්ල කළ හයේ පහර 3ත් සමග එම වාර්තාව බිඳී ගියා.

මැතිව්ස් මේ වන විට ටෙස්ට් ඉනිම් 46කට එක්වෙමින් එල්ල කර ඇති හයේ පහර සංඛ්‍යාව 26ක්.

 

mathiws (1)