FAST NEWS

24×7 Around the Globe

සම්බාහනයට මුවාවෙන් පවත්වාගෙන ගිය බත්තරමුල්ලේ සුපිරි පැකේජ ගණිකා නිවාසය වටලයි.

ආයුර්වේද සම්බාහන මධ්‍යස්‌ථානයක්‌ මුවාවෙන් බත්තරමුල්ල ප්‍රදේශයේ දෙමහල් සුපිරි නිවසක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක්‌ පසුගියදා (15) වැටලිමට තලංගම පොලිසියේ නිලධාරීහු සමත්ව තිබේ.

එහිදි  එහි කළමනාකාරිනිය  ලෙස කටයුතු කළ කාන්තාවක් සහ ගණිකා වෘත්තියේ නියෑළුණු කතුන් දෙදෙනකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

තලංගම පොලිස්‌ ස්‌ථානාධිපතිට ලැබුණු තොරතුරකට මෙම  අනුව වැටලීම සිදුකර ඇති ඇත.

අවුරුදු 21 ත් 37 ත් අතර වයසේ පසුවන මෙම  කාන්තාවන්  නුවරඑළිය, අනුරාධපුරය, කෝට්‌ටේ යන ප්‍රදේශවල පදිංචිකාරිණියන් බව තලංගම පොලිසිය කියයි.

ගණිකා ඇසුර පතා පැමිණෙන අයගෙන් රුපියල් දහසේ සිට ඉහළට මුදල් අයකර ඇති බව හෙළිවී ඇත.

තවද මෙම සම්බාහනයට මුවාවෙන් ගිය ගණිකා නිවාසයේ සුවිශේෂිත්වය වන්නේ පාරිභෝගිකයාට සිය කැමැත්ත පරිදි විශේෂ පැකේජ ක්‍රමයට මෙම ගණකාවන් සමග ඇසුරු කීරිමට හැකි වන ලෙස විවිධ මීල ගණන් හා කාල සීමාවන් පනවා තිබිමය.

එසේම මෙම ස්‌ථානයට වැඩි වශයෙන් පැමිණ ඇත්තේ  ව්‍යාපාරිකයන් බව පොලිසිය පවසයි.