මාළඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය තුල ඇමති රාජිත සේනාරත්නගේ පුත් මන්ත්‍රී චතුර සේනාරත්නගේ බිරිඳ සරූපා සමන්ගි මනතුංගත්, ඇමති මොහාන් ලාල් ගේ‍්‍රරුගේ සහෝදරයාගේ දියණියන් දෙදෙනාත් ඉගෙනුම ලබමින් සිටින බව සමාජවාදී ශිෂය සංගමය පවසයි.
එම සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය මහතා පවසන්නේ මෙම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය පසුගිය ආණ්ඩුවෙත් මෙම ආණ්ඩුවෙත් මැති ඇමතිවරුන්ගේ සමීප ඥාතීන් රැසක් වෛද්‍ය උපාධිය හදාරමින් සිටින බවයි.
මේ හේතුව මත ආණ්ඩුව මෙම වෛද්‍ය විද්‍යාලය රැක ගැනීම වෙනුවෙන් මෙතරම් පෙනී සිටින බවද ඔහු කියා සිටියේ කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.








