FAST NEWS

24×7 Around the Globe

විමල් තමා සමග හිතවත් වූ කන්තාවකටත් නිවසක් දීලා.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ ඥාති සංග්‍රහයක යෙදී ඇති බවට බරපතල වංචා සහ දූෂණ විමර්ශනය කරන ජනාධිපති කොමිසම සිදුකළ පරීක්ෂණයකදී හෙළිවී තිබෙනවා.

නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිවාස ලබාදීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි පිළිබඳ සිදුකළ විමර්ශනයකදී මේ බව අනාවරණය වූ බවයි එම කොමිසමේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

ඒ අනුව නිවාස සංවර්ධන අධිකාරිය විසින් මත්තේගොඩ ප්‍රදේශයේ ඉදිකළ රුපියල් කෝටිය බැගින් වටිනා නිවාස පහෙන් හතරක්ම විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා මුදල් අය කිරීමකින් තොරව ළඟම ඥාතින්ට ලබාදී තිබෙනවා.

එසේම අමාත්‍යවරයා සමඟ හිතවත්කම් පැවැත්වූ නිරෝෂා නානායක්කාර නැමති කාන්තාවකට මාළිගාවත්ත නිවාස යෝජනා ක්‍රමයේ නිවාසයක් අඩු මුදලකට ලබාදී ඇති බවටද විමර්ශනයේදී කරුණු අනාවරණ වූ බවයි ජනාධිපති කොමිසමේ නිලධාරියා සඳහන් කළේ.