FAST NEWS

24×7 Around the Globe

බිරිදගේ අනියම් පෙම ගිය දුරක්.

තිස්සමහාරාමය, බෙරළිහෙල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් අද (17) උදෑසන ඔහුගේ බිරිඳව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඔහුත් වස පානය කර දෙඹරවැව රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

මියගිය තැනැත්තියට වයස අවුරුදු 27ක් වන අතර මියගිය තැනැත්තාට වයස අවුරුදු 25ක් වන තිස්සමහාරාමය බෙරළිහෙල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

මරණකාරියගේ අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.