ඝාතනයට ලක්වූ ‘සන්ඩේ ලීඩර්’ හිටපු කතෘ ලසන්ත වික්‍රමතුංග, 2009 ජනවාරි 08 වෙනිදා තමා පසුපස හඹා ආ මිනීමරුවන්ගේ වාහන අංක නුහුරට වමතින් ලියන ලද සටහන් සහිත පොත පිළිබඳව තමා කිසිවක් නොදන්නා බව එවක හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා තිබේ.
තමා පසුපස සැක සහිත වාහන කිහිපයක් පැමිණෙන බවට ‘සන්ඩේ ලීඩර්’ කතුවරයා ඔහුගේ සමීප මිතුරෙකු වූ වත්මන් එජාප සභාපති මලික් සමරවික්‍රම මහතාට දැන් වූ විට ඔහු උපදෙස් දී ඇත්තේ වහාම එම වාහනවල අංක ලියාගෙන තමාට දන්වන ලෙසයි. මලික්ගේ උපදෙස් අනුව දකුණතින් රථයේ සුක්කානම හසුරවමින් වමතින් නුහුරු ආකාරයට ලසන්ත වික්‍රමතුංග මහතා එම වාහනවල අංක තම සටහන් පොතේ සටහන් කර තිබේ. නමුත් එම අංක මලික්ට පෙරළා දැනුම් දීමට ප්‍රථම ඝාතකයන් විසින් ‘සන්ඩේ ලීඩර් ‘ කතුවරයාව බිලිගෙන ඇත.
මෙසේ අංක ලියන ලද සටහන් පොත ගල්කිස්ස පොලීසිය විසින් තම භාරයට ගෙන එය ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ නඩු භාණ්ඩයක් ලෙස ලැයිස්තු ගත කොට (PR) අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබියදී, එම සටහන් පොත වහා රැගෙන එන ලෙස මිරිහාන නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට දැනුම් දී තිබේ. ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් මෙම සටහන් පොත නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට රැගෙන යාමට ප්‍රථම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ මේසය උඩ මෙම පොත තබා තිබෙන ආකාරය දැක්වෙන ඡායාරූපයක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇත.
ලසන්තගේ සටහන් පොත තමා විසින් එවක පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතාට භාර දුන් බව එවක මිරිහාන නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තරයක් ලබා දී තිබේ. ඔහුගේ කට උත්තරය අනුව හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතාව CID ය වෙත කැඳවා ඇති අතර ඔහු පලමුව පවසා ඇත්තේ තමා ලසන්තගේ සටහන් පොත එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දුන් බවයි. පසුව කටඋත්තරය කියවා අත්සන් කිරීමේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම කපා හරින ලෙස ඉල්ලා ඇත.
කෙසේ නමුදු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට උත්සාහ කරමින් සිටින්නේ සටහන් පොත මූළස්ථාන පොලිස් පරීක්ෂකගේ මේසය මත තිබෙන ආකාරය දැක්වෙන ඡායාරූපය වෙනත් තාක්ෂණයක් ඔස්සේ විශාල කොට එහි සඳහන් අංක ලබා ගැනීමටයි. කෙසේ වෙතත් ලසන්ත වික්‍රමතුංග මහතාගේ සටහන් පොතට අත්වූ ඉරණම පිළිබඳව හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා හොදින් දන්නා බව තහවුරු වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කර සිටී.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.