FAST NEWS

24×7 Around the Globe

කොස්තාපල්වරියට ලිංගික හිංසාකල තරුණයාට වැඩ වරදී.

කොස්තාපල්වරිය පොලිස් කොස්තාපල්වරියකගේ අත්ලෙහි බලහත්කාරයෙන් ජංගම දුරකතන අංකයක් ලියා ඇයට ලිංගික හිංසාවක් කරන ලද විත්තිකරුවකුට දඬුවම් නියම කිරීමේ පුවතක් නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වාර්තා වනවා.

මේ පිළිබඳ වරද පිළිගත් පුද්ගලයාට මාස 06ක සිර දඬුවමක් නියම කළ නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා දඬුවම වසර පහකට අත්හිටුවා තිබෙනවා.

ඔහුට රුපියල් එක්දාස් පන්සියයක දඩයක් ගෙවීමට ද අගතියට පත් පාර්ශ්වයට රුපියල් පහළොස් දහසක වන්දියක් ගෙවීමටද එහිදී නියම කෙරුණා.

අවුරුදු උත්සවයකට ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍රයක් ලබා ගැනීම සඳහා කොළඹ දකුණ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණි අවස්ථාවේ කොස්තාපල්වරියකගේ අත්ලෙහි මෙම පුද්ගලයා ජංගම දුරකතන අංකය ලියා තිබෙනවා