FAST NEWS

24×7 Around the Globe

කුලසේකරගේ කොමිලා වික්ටෝරියස් බීපීඑල් ශූරතාවය දිනා ගනියි.

නුවන් කුලසේකර නියෝජනය කරන, කොමිලා වික්ටෝරියස් කණ්ඩායම බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

තරගාවලියේ අවසන් තරගය ශෙයා බංග්ලා ක්‍රිඩාංගණයේදී පැවැත්විය.

කාසියේ වාසිය හිමි කරගත් කොමිලා විකටෝරියස් නායක මශ්රෆි මොතර්සා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.

ඒ, අනුව පිටියට පැමීණි බැරිසාල් බුල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 දි කඩුලු 4 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 156 කි.

ආරම්භක පිතිකරු සීකුගේ ප්‍රසන්න පන්දු 19 කදී ලකුණු 33 ක් රැස් කළේය.

මොහොමඩ් මොහොමදුල්ලා ලකුණු 48ක් ලබා ගත්තේය.

නුවන් කුලසේකරට සිය පන්දුවාර 4 දී ලකුණු 37 කට දවා ගත හැකි වුයේ එක් කඩුල්ලක් පමණි.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පැමිණි කොමිලා වික්ටෝරින්ස් කණ්ඩායම කඩුලු 7ක් දැවී ඉනිමේ අවසන් පන්දුවේදී නියමිත ඉලක්කය පසු කළේය.

ඉම්රුල් කයිස් රැස් කළ ලකුණු සංඛ්‍යාව 53කි.

ආලෝක් කපාලි නොදැවී ලකුණු 39 ක් රැස් කළේය.

තරගයේ වීරයා සම්මානය ආලෝක් කපාලිට හිමි වූ අතර කොමිලා වික්ටෝර්යස් කණ්ඩායමේ අසාර් සයිදි තරගාවලියේ වීරයා ලෙස සම්මාය හිමි කර ගත්තේය.