අද වනවිට ඉතා කාර්ය බහුල ජීවිත ගතකරන බොහෝ දෙනෙකුට තම පවුල සමග ගෙවීමට ඇත්තේ ඉතා අල්ප කාලයකි.
facebook හි නිර්මාතෘ හා ප්රධාන විධායක නිළධාරී වන Mark Zuckerberg මේ වනවිට පිය පදවියේ කිරුල දරා ඇත. ඔහු මාස දෙකක විවේක කාලයක් ලබා ගෙන ඇත්තේ තම අලූත උපන් දරුවා සමග හා තම බිරිද සමග ගත කිරීම සදහාය.
මේ දිනවල බිරිද හා තම අලූත උපන් බිලිදිය සමග කාලය ගත කරන ජායා රූපයක් ඔහු විසින් තම facebook ගිණුමේ පලකර ඇත.
Forbesවෙබ් අඩවියට අනුව වයස අවුරුදු හතලිහට අඩු ලොව සුපිරි කෝටිපතියන් අතර පළමු වන ස්ථානය Mark Zuckerberg ට හිමිවේ.









