FAST NEWS

24×7 Around the Globe

නිරුවත ඉන්ස්ටග්‍රෑම් වලට අලුත්ම ක්‍රමයකට.(ඡායාරූප)

ඡායාරූප පළ කිරීම සඳහා ලොව පුරා බහුලව භාවිතා කරන වෙබ් අඩවියක් වන ඉන්ස්ටග්‍රෑම් නිරුවත් ඡායාරූප පළ කිරීම සම්බන්ධයෙන් දැඩි නීති රීති අනුගමනය කරයි.

කාන්තා තනපුඩු හෝ පසු පෙදෙස පෙන්වන ආකාරයේ ඡායාරූප එම වෙබ් අඩවියට එක් කළහොත් ඒවා ඉවත් කිරීමට එය පියවර ගනියි.

මේ ආකාරයට රිහානා, මයිලි සයිරස්, කෙන්ඩල් ජෙනර් වැනි ජනප්‍රිය තරු රැසකගේ ඡායාරූප ඉන්ස්ටග්‍රෑම් වෙබ් අඩවියෙන් ඉවත් කර තිබේ.

එහෙත් මෙම නීතිය ඉතා කලාත්මක ලෙස මඟ හැරීමට යෝගා ව්‍යායයාම වල යෙදෙන 25 හැවිරිදි තරුණියක් සමත්ව තිබේ.

සැබෑ නම හෙළි නොකරන ඇය නිරුවත් යෝගා තරුණිය ලෙස ජනප්‍රිය වී ඇති අතර ඇගේ ඉන්ස්ටග්‍රෑම් වෙබ් අඩවියේ සිටින අනුගාමිකයන් ගණන 54,500 කි.

ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක්කරන නිරුවත් ඡායාරූප ආලෝකය අපූරු ලෙස හසුරුවමින් සහ විවිධ යෝග ආසන යොදාගනිමින් රහස් ප්‍රදේශ ආවරණය වන අයුරින් සකස් කර තිබේ.ඒවායේ අනවශ්‍ය ලෙස රහස ප්‍රදේශ පෙනීම වැළැක්වීමට ඇය ෆොටෝෂොප් තාක්ෂණයද යොදාගනියි.

Yoga1 600px 15 12 14