FAST NEWS

24×7 Around the Globe

2016 විස්සයි විස්ස ලෝක ශූරයන්ට ගියවරට වඩා 86%ට වැඩි මුදලක්.

2016 වසරේ ඉන්දියාවේ ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රාහකයන් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 5.6 ක (රුපියල් කෝටි 81.3) ත්‍යාග මුදලක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

මෙය 2014 වසරේ බංග්ලාදේශයේ පැවති තරගාවලියේ ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූ ත්‍යාග මුදලට වඩා 86%කින් වැඩිකර ඇතැයිද අයි.සී.සී.ය පෙන්වා දෙයි.

එමෙන්ම ඊට සමගාමීව පැවැත්වෙන කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව හිමිකර ගන්නා කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් 400000 ක් ප්‍රදානය කිරීමට නියමිත අතර, එයද පසුගිය තරගාවලිවට ගෙවූ මුදලට වඩා 122% කින් වැඩිවීමකි.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේදී කාන්තා තරගාවලිය සඳහා තරග 23 ක්ද පිරිමි තරගාවලිය සඳහා තරග 35 ක්ද ඇතුළත් කර තිබේ.