FAST NEWS

24×7 Around the Globe

රාජපක්ෂ පවුලේ වත්කම් සෙවීමට ඉන්දියන් සහාය.

පසුගිය පාලන සමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයින්, ඥාතීන් හා සමීපතම නිලධාරීන් විසින් විදේශයන් හි තැම්පත් කර ඇති මුදල් හා වත්කම් සොයා ගැනීම සඳහා ඉන්දියාවේ සහය පලවී ඇතැයි ආණ්ඩුවේ ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් උපදෙස් ගැනීම සඳහා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු හා නීතිඥයින් කිහිප දෙනෙකු මේ දිනවල ඉන්දියාවට ගොස් ඇත.

නවදිල්ලියට ගොස් සිටින එම නිලධාරීන්, රාජපක්ෂවරුන් ඉන්දීයව සමග පැවැත්වූ ව්‍යාපාරික ගනුදෙනු සම්බන්ධයෙන් ද තොරතුරු සොයා බලා ඇතයි වාර්තාවේ.

පොලිස් මුල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (FCID) ප්‍රධානි, නියෝජ්‍ය පොලිපති රවී වෛද්‍යලංකාර මහතා හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා ද මෙම සංචාරයට එක්ව ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.