FAST NEWS

24×7 Around the Globe

සමරිසි විවාහ නීතිගත කිරීම පල්ලිය ලත් පරාජයක් ලෙස නොසැලකිය යුතුයි – වතිකානුව

අයර්ලන්තය තුළ ජනමත විචාරණයකින් සමරිසි විවාහ නීතිගත කිරීම මනුසත් බව ලැබූ පරාජයක් බව වතිකානුවේ රාජ්‍ය ලේකම් කාඩිනල් පියෙට්‍රෝ පැරොලින් පවසා ඇතැයි වාර්තා වේ.

මෙම ප‍්‍රතිඵලයෙන් තමන් ඉතාමත් සංවේගයට පත්වූ දක්වා ඇති ඔහු පවසා ඇත්තේ මෙය කතෝලික පල්ලිය ලත් පරාජයක් ලෙස නොසැලකිය යුතු බවයි.

අයර්ලන්ත ජනතාව විසින් ගත් මෙම තීරණය යථාර්ථයක් ලෙස කතෝලික පල්ලිය විසින් භාරගත යුතු බවත් එය වෙනස් කිරීම සඳහා දේවධර්මය ප‍්‍රචලිත කිරීම වැනි ක‍්‍රියාවලියක් ආරම්භ කළ යුතු බවත් පැරොලින් කාඩිනල්තුමන් පවසා තිබේ.
පසුගියදා අයර්ලන්තයේ පැවති ජනමත විචාරණයකින් සමරිසි විවාහ නීතිගත කළ යුතු බවට වන මතට ජයග‍්‍රහණය කළ අතර එයට ඡන්ද 1201607ක් හෙවත් අයර්ලන්ත ඡන්දදායකයින්ගෙන් 62.1%කගේ සහය හිමිවිය.

සමරිසි විවාහයන්ට විරුද්ධව ඡන්දය භාවිතා කළ 734000ක ප‍්‍රමාණයේ ප‍්‍රතිශතය 37.9%කි. යෝජනාවට විරුද්ධව මත දැක්වූ අයර්ලන්ත කතෝලික සභාව පවසා සිටියේ විවිාහයක් සිදුවිය යුත්තේ පිරිමියකු සහ ගැහැණියක අතර පමණක් බවයි.

එයට බොහෝ වියපත් හා ග‍්‍රාමීය ඡන්දදායකයින්ගේ ඡන්දය හිමිවූ බව පැවසේ. සමරිසි හැසිරීම් කතෝලික පල්ලිය විසින් හෙළා දකින නමුත් ඔවුනට පල්ලිය ඇසුරු කළ හැකි බව පිළිගැනේ.

ෆ‍්‍රැන්සිස් පාප්වරයාගේ තේරී පත්වීමෙන් පසු වතිකානුව සමරිසින් දෙස බලන ආකල්පය යම් පමණකට ලිහිල් වි ඇතැයි පැවසේ.