FAST NEWS

24×7 Around the Globe

ජනපතිගෙන් කුසල්ට ඇමතුමක්.

තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනා ලැබ තරග තහනමට ලක්‌ව සිටින ක්‍රිකට්‌ ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා මහතාට ඊයේ (11) දහවල් දුරකථනයෙන් ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ සිදුවීම පිළිබඳ විමසීය.

ගැටලුසහගත තත්ත්වය මගහරවා ගැනීමට අවශ්‍ය කටයුතු පිළිබඳව පෞද්ගලිකවම සොයා බලන බව පැවැසූ ජනාධිපතිවරයා දක්ෂ ක්‍රීඩකයකු ලෙස ඔහු නැවත ක්‍රීඩාකරනු දැකීම තම සතුට බවද කියා සිටියේය.