FAST NEWS

24×7 Around the Globe

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි කාලසටහන එළිදක්වයි.

ලබන වසරේදී ඉන්දියාවේ පැවැත්වෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන අද එළිදැක්විය.

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම එහි මූලික වටයේදී තරග කරන්නේ, පළමු කාණ්ඩයෙනි.

දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්ත සහ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ B කාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායම ද පළමු කාණ්ඩයට ඇතුළත්ව සිටී.

ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය, සුදුසුකම් ලැබීමේ තරගාවලියේ B කාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායමට එරෙහිව ලබන මාර්තු 17 වන දා පැවැත්වීමට නියමිත ය.

මේ අතර, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, ලබන වසරේ පැවැත්වෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේදී A කාණ්ඩයෙන් තරග කිරීමට තෝරාගෙන තිබේ.

ඔවුන් සමග එම කාණ්ඩයට අයත් සෙසු කණ්ඩායම් වන්නේ, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය සහ අයර්ලන්තයයි.

තරගාවලිය ලබන වසරේ මාර්තු 8 වන දා සිට අප්‍රේල් 03 වන දා දක්වා ඉන්දියාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.