FAST NEWS

24×7 Around the Globe

කැන්ගරුවෝ ශ්‍රී ලංකාව සතුව තිබු ක්‍රීකට් වාර්තාවක් කොදෙව්වො හමුවේ බිඳ දමයි.

සිවුවැනි කඩුල්ල සඳහා මහේල ජයවර්ධන සහ තිලාන් සමරවීර  තැබූ වැඩිම ටෙස්ට් ලකුණු සබඳතාවේ ලෝක වාර්තාව අද (11) බිඳ වැටුණා. එ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් සහ ඔස්ටේ‍්‍රලියානු කණ්ඩයාම අතර හොබාර්ට් හි පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේදීයි. එහිදී ඔස්ටේ‍්‍රලියාවේ ඇඩම් වෝග්ස් සහ ෂෝන් මාර්ෂ් සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 449ක සබඳතාවක් ගොඩනගමින් මහේල සහ සමරවීර තැබූ ලෝක වාර්තාව බිඳ දැමුවා.

කරච්චි නුවර පැවති ටෙස්ට් තරගයකදී පාකිස්තානයට එරෙහිව ලකුණු 437ක සබඳතාවක් ගොඩනගමින් 2009 වසරේදී මහේල සහ සමරවීර මෙම ලෝක වාර්තාව පිහිටුවා තිබුණා. මහේල ජයවර්ධන ලකුණු 240ක් සහ තිලාන් සමරවීර ලකුණු 231ක් එහිදී රැස් කර තිබුණා.

කොදෙව් කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් තරගයේදී ඇඩම් වෝග්ස් නොදැවී ලකුණු 269ක් රැස් කළ අතර ෂෝන් මාර්ෂ් ලකුණු 182ක් රැස් කළා. මෙම තරගයේදී ඔස්ටේ‍්‍රලියාව පළමු ඉනිමට කඩුලූ 4ක් දැවී ලකුණු 583ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටවනු ලැබුවා. ඊට පිළිතුරු ලෙස කොදෙව් කණ්ඩායම අද දිනය නිමා වන විට පළමු ඉනිම සඳහා කඩුලූ 6ක් දැවී ලකුණු 207ක් ලබා සිටියා. හෙට (12) තරගයේ දෙවන දිනයයි.

 

record-33s

records