FAST NEWS

24×7 Around the Globe

අජිත් නිවාඩ් හා ජොනි මූල්‍ය අපරාධ කොට්ඨාසයට ගෙන ගියේ ඇයි?

හිටපු වෙළඳ ඇමැති ජොන්සටන් ප්‍රනාන්දු හා ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සභාපති අජිත් නිවාඩ් කබ්රාල් කොළඹ කොල්ලුපිටියේ පිහිටි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අද (11) කැඳවා ඇති අතර මේ වනවිට ඔවුන්ගෙන් ප්‍රශ්න කරගෙන යන බව වාර්තා වේ.

මහපොල ලොතරැයිය මැලේසියන් ජාතිකයෙකුට ලබාදීමෙන් සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවයක් ගැන පැමිණිල්ලකට අනූව ප්‍රකාශයක් සටහන් කර ගැනීමට ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා කැඳවා ඇති අතර හිටපු මහ බැංකු අධිපතිවරයා ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව සිදුකළැයි කියන මිලදීගැනීමක් ගැන ප්‍රකාශ සටහන් කර ගැනීමට කැඳවා ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.