අමෙරිකාව ප්රමුඛ මිත්‍ර සන්ධානයේ ගුවන් ප්‍රහාරයකින් අයි.එස්. සංවිධානයේ මූල්‍ය කටයුතු ප්‍රධානියා ලෙස සැලකෙන මුස්තාෆා අල් කර්මෝශ් මියගිය බව අමෙරිකාව ප්‍රකාශ කරයි.
අබුසලා යන නමින් ද හඳුන්වන ඔහු ඇතුළු අයි.එස්. සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් තිදෙනෙකු පසුගිය සති කිහිපය තුළ එල්ල කළ ප්‍රහාරවලින් මියගිය බව අමෙරිකානු හමුදා ප්‍රකාශකයා සඳහන් කළේ ය.
කෙසේ වුව ද ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණ කර නොමැත.
අමෙරිකානු මිත්‍ර සන්ධානය සිරියාවේ සහ ඉරාකයේ අයි.එස් ඉලක්ක වෙත වසරකට ආසන්න කාලයක් තිස්සේ ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටී.







