FAST NEWS

24×7 Around the Globe

අයි.එස් මුල්‍ය කටයුතු ප්‍රධනියා මරුට.

අමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර සන්ධානයේ ගුවන් ප්‍රහාරයකින් අයි.එස්. සංවිධානයේ මූල්‍ය කටයුතු ප්‍රධානියා ලෙස සැලකෙන මුස්තාෆා අල් කර්මෝශ් මියගිය බව අමෙරිකාව ප්‍රකාශ කරයි.

අබුසලා යන නමින් ද හඳුන්වන ඔහු ඇතුළු අයි.එස්. සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් තිදෙනෙකු පසුගිය සති කිහිපය තුළ එල්ල කළ ප්‍රහාරවලින් මියගිය බව අමෙරිකානු හමුදා ප්‍රකාශකයා සඳහන් කළේ ය.

කෙසේ වුව ද ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණ කර නොමැත.

අමෙරිකානු මිත්‍ර සන්ධානය සිරියාවේ සහ ඉරාකයේ අයි.එස් ඉලක්ක වෙත වසරකට ආසන්න කාලයක් තිස්සේ ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටී.