FAST NEWS

24×7 Around the Globe

සත්හඩ කර්තෘ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන ගිය හේතුව.

ඇවන්ගාඞ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා විසින් ලබාදුන් පුවත්පත් සාකච්ඡාවක් සත්හඬ පුවත්පතේ පළ කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සුභාෂ් ජයවර්ධන මහතාගෙන් ඊයේ (10 වැනිදා) ප‍්‍රශ්න කර ඇත.

ඇමැතිවරුන් කී දෙනකුට මුදල් ලබාදුන් බවට නිශ්ශංක සේනාධිපති මහතා විසින් මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී හෙළිකර තිබිණි.
සේනාධිපති මහතා කරනු ලැබූ මෙම හෙළිදරව්ව සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස රාජිත සේනාරත්න, පාඨලි චම්පික රණවක සහ අර්ජුන රණතුංග යන ඇමැතිවරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කරනු ලැබූහ.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබීය.
මේ සම්බන්ධයෙන් ඇවන්ගාර්ඞ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගෙන්ද මීට ඉහතදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගෙන තිබිණි.