FAST NEWS

24×7 Around the Globe

සංගාගේ ඩකා ඩයිනමයිට්ස් අවසන් වටයට.

බංග්ලාදේශ පි‍්‍රමියර් ලීග් තරගාවලියේ 30 වැනි තරගය වූ බරිසාල් බුල්ස් කණ්ඩායම සහ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම අතර මිර්පූර්හි ශ්රී බංග්ලා කී‍්‍රඩාංගණයේදී ඊයේ (10 වැනිදා) පැවැති තරගයෙන් කඩුලූ 2 ක ජයක් අත්කර ගැනීමට බරිසාල් බුල්ස් කණ්ඩායම සමත් විය.

මෙම තරගය පරාජයට පත්වුවත් ලබා සිටින ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව (8) අනුව තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමට හැකිවිය. ඔවුන්ට පෙර කොමිලා වික්ටෝරියන්ස්, රාංග්පූර් රයිඩර්ස් සහ බරිසාල් බුල්ස් කණ්ඩායම් අවසන් වටයට සුදුසුකම් ලබා සිටියේය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 137 ක ඉලක්කයක් හඹාගිය බරිසාල් බුල්ස් කී‍්‍රඩකයෝ පන්දු 2 ක් ඉතිරිව තිබියදී කඩුලූ 8 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

කණ්ඩායමේ 8 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිස, ප‍්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 28 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 54 ක් රැස්කළ රයද් එමිර්ට් ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමේ ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්විය.

පන්දු 41 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 37 ක් රැස්කළ මෙහෙදි මරූෆ් ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නද පිතිකරුවන් 7 දෙනෙක්ම ලකුණු 10 සීමාව පසුකිරීමටත් පෙර දැවීයාම ඔවුන්ට විශාල පාඩුවක් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් බරිසාල් බුල්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ මොසද්දික් හුසේන් පන්දු 31 කදී නොදැවී ලකුණු 30 ක් රැස්කළ අතර ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහරක් ඇතුළත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ නිකිල් දත්තා  ඕවර 4 ක් යවා ලකුණු 18 කට කඩුලූ 3 ක් දවාගැනීමට සමත් විය.

බරිසාල් බුල්ස් කණ්ඩායම –  ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 136
(මොහොමඞ් හෆීස් 25, ෆර්හද් රේසා 19, නසිර් හුසේන් 14, මොසද්දික් හුසේන් නොදැවී 30, නිකිල් දත්තා 18/3, රයද් එමිර්ට් 29/2)

ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම –  ඕවර 19.4 කදී කඩුලූ 8 ක් දැවී 137
(මෙහෙදි මරූෆ් 37, රයද් එමිර්ට් නොදැවී 54, මොෂාරෆ් හුසේන් 29/3, නබිල් සමද් 23/2)