FAST NEWS

24×7 Around the Globe

බොලිවුඩ් නළු සල්මන් ඛාන් නිදහස් .

පදික වේදිකාවේ නිදා සිටි හතර දෙනකු යට කරගෙන පළා ගිය බවට එල්ලවී තිබූ චෝදනාවෙන් බොලිවුඩ් නළු සල්මන් ඛාන් අද (10) නිදහස් කෙරුණා.

මුම්බායි උසාවියකින් පසුගිය මැයි මස 6වන දා මෙම චෝදනාව සඳහා සල්මන් ඛාන්ට පස් අවුරුදු සිර දඬුවමක් නියම කර තිබුණා.

අනතුර සිදුවෙද්දී තම රියදුරා කාරය පැදවූ බවට සල්මන් ඛාන් කළ ප්‍රකාශය අධිකරණය අද පිළිගනු ලැබුවා.

ඒ අනුව පසුගිය මැයි මස 6වන දා මුම්බායි උසාවියකින් ලබා දුන් තීන්දුව මුම්බායි මහාධිකරණය නිෂ්ප්‍රභා කරනු ලැබුවා.