FAST NEWS

24×7 Around the Globe

යසරාගෙන් නාමල්ට කෙටි පණිවිඩයක්.

CSN නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස සේවය කළ, නාලිකාවේ හිමිකරු යෝෂිත රාජපක්ෂගේ පරණ පෙම්වතිය වන යසාරා අබේනායක මහත්මියගෙන් පසුගිය 08 වෙනිදා හිටපු ජනාධිපතිවරයාගේ දෙටු පුත් නාමල් රාජපක්ෂට කෙටි දුරකතන පණිවිඩයක් (SMS)ලැබී තිබේ.

එහි සඳහන්ව ඇත්තේ ‘මං දන්න සේරම දේවල් FCID එකට කිව්වා. අද හෙටම ඩිරෙක්ටර්ස්ලා සේරම ඒ ගොල්ලො කැඳවනවා. ඇතුළට යන්න රෙඩි වෙලා ඉන්න කියන්න’ යනුවෙනි. යසාරාගේ පණිවිඩයෙන් නාමල්, යෝෂිත ඇතුළු CSN අධ්‍යක්ෂක මණ්ඩලයම මේ වන විට අන්දමන්ද වී සිටී.

යසාරාගේ SMS පණිවිඩය ලැබී ස්වල්ප වේලාවකින්ම FCID නිලධාරියෙකු අධ්‍යක්ෂක මණ්ඩලයේ අය අමතා පවසා ඇත්තේ ලබන අගහරුවාදා (15) කට උත්තරයක් ගැනීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) වෙත පැමිණිනෙන ලෙසයි.

FCID කැඳවීම අනුව යසාරා අබේනායක මහත්මිය ඊයේ (08) එහි ගොස් CSN නාලිකාව පිළිබඳව දීර්ඝ කට උත්තරයක් ලබා දී තිබේ. මේ පිළිබඳව රාජපක්ෂ පුත්‍රයින් හා ඔවුන්ගේ හිතවතුන් පවසන්නේ ඇය සියළුම දෙනා පාවා දී ඇති බවයි. බොහෝ විට යසාරාද රජයේ සාක්ෂිකරුවෙකු වීමට ඉඩ තිබේ.