FAST NEWS

24×7 Around the Globe

නයිජීරියාවේදි පැහැරගත් ශ්‍රී ලාංකික ඉංජිනේරුවයා නිදහස්

කප්පම් ඉල්ලා පසුගිය 19 දින නියිජීරියවේ ඔන්ඩෝ සහ කෝගී ප්‍රාන්ත මායිමේදී සන්නද්ධ කල්ලියක් විසින් පැහැර ගත් ශ්‍රී ලාංකික ඉංජිනේරු ඩී.ඒ.කරුණාදාස ඊයේ නිදහස් කර තිබේ. 68 හැවිරිදි වන ඔහු වේයන්ගොඩ – මොට්ටුන්න ප්‍රදේශයේ පදිංචි අයෙකි. පැහැර ගන්නා අවස්ථාවේදී කොල්ල කරුවන් විසින් වෙඩි තැබීමේදී ඔහු සමග සිටි ආරක්ෂකයා මරණයට පත් වූ අතර තුවාල ලැබූ රිියදුරු රෝහල් ගත කරනු ලැබීය.