කප්පම් ඉල්ලා පසුගිය 19 දින නියිජීරියවේ ඔන්ඩෝ සහ කෝගී ප්රාන්ත මායිමේදී සන්නද්ධ කල්ලියක් විසින් පැහැර ගත් ශ්රී ලාංකික ඉංජිනේරු ඩී.ඒ.කරුණාදාස ඊයේ නිදහස් කර තිබේ. 68 හැවිරිදි වන ඔහු වේයන්ගොඩ – මොට්ටුන්න ප්රදේශයේ පදිංචි අයෙකි. පැහැර ගන්නා අවස්ථාවේදී කොල්ල කරුවන් විසින් වෙඩි තැබීමේදී ඔහු සමග සිටි ආරක්ෂකයා මරණයට පත් වූ අතර තුවාල ලැබූ රිියදුරු රෝහල් ගත කරනු ලැබීය.







