FAST NEWS

24×7 Around the Globe

ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමි කරගත් අලුත්ම තරුව.

සත්කාරක නවසීලන්ත කණ්ඩායම හා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර නවසීලන්තයේ ඩුනේඩීන් පිටියේ අද (10දා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකර ගැනීමට උදාර ජයසුන්දර සමත්විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ඇරයුමෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදෙමින් සිටින නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 55ක් අවසානයේදී කඩුලු දෙකකට ලකුණු 229ක් රැස්කරගෙන සිටියි.

නොදැවී පන්දුවට පහරදෙමින් සිටින මාටින් ගප්තිල් සිය ටෙස්ට් දිවියේ තෙවැනි අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 115ක් රැස්කරගෙන සිටියි.

ඔහු කේන් විලියම්සන් හා එක්ව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 173ක සබඳතාවක් ගොඩ නැංවීය.

සුරංග ලක්මාල් හා නුවන් ප්‍රදීප් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගොස් තිබේ.

jaya.