ඉන්දීය ක්‍රීඩක ශිකර් ධවාන් ගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව සැකයක් මතු වී ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර තිබේ.
ධවාන් ගේ පිටදඟපන්දු යැවීමේ නීත්‍යානුකූලබව පිළිබඳව මෙම සැකය මතුවී ඇත්තේ පසුගිය සඳුදා දිනයේදී ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර පැවති සිවුවැනි ටෙස්ට් තරගය අතරතුරේදීය.
අදාල බලධාරීන් විසින් ඉන්දීය කණ්ඩායමේ කළමනාකාරීත්වය වෙත මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇතැයි අන්තර්ජාතික ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිවේදනයක දැක්වේ.
දින 14ක් ඇතුළත් ඔහු ව පරීක්ෂණයක් සඳහා යොමු කෙරෙනු ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.
කෙසේවෙතත්, පරීක්ෂණ වාර්තාවක් නිකුත් වන තෙක් ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කිරීමට හැකි වනු ඇතැයි ද අයි.සී.සී. නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.






