FAST NEWS

24×7 Around the Globe

ලිංගික ශ්‍රමිකයින්ගෙන් පිංඅතේ වැඩක්.

චෙන්නායි ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්වයෙන් අාපදාවට ලක්වූ පිරිස් සඳහා ආධාර කිරීමට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අහමද්නගර්හි වෙසෙන ලිංගික ශ්‍රමිකයින් එක්ව ඉන්දීය රුපියල් ලක්ෂයක් රැස් කර ඇති බව වාර්තා වේ.

මෙම මුදල ඉතිරි කිරීම සඳහා ඔවුන් එක් දිනක් එක් ආහාර වේලක් පමණක් ගෙන ඇති අතර ඊට අමතරව ඔවුන් ඉතිරි කර තිබූ මුදල්ද එයට එක් කර ඇති බව පැවසේ.

බටහිර මහාරාෂ්ට්‍රයේ පිහිටා ඇති මෙම ප්‍රදේශයේ ලිංගික ශ්‍රමිකයින් 3000ක් පමණ වෙසෙන අතර අදාළ මුදල රැස් කිරීම සඳහා 2000ක පමණ පිරිසක් ආධාර ලබා දී ඇති බව පැවසේ.

රැස් කරන ලද මුදල පසුගිය සඳුදා ස්නේහලයා නැමති රාජ්‍ය නොවන සංවිධානය විසින් සංවිධානය කරන ලද උත්සවයකදී එම ප්‍රදේශයේ දිසාපති වරයා වෙත ලබාදී තිබේ.