FAST NEWS

24×7 Around the Globe

මොනාලිසා චිත්‍රයේ සැඟවුණු යමක් හොයා ගනී.

ලෝක ප්‍රකට මොනාලිසා චිත්‍රයට අදටත් හිමි වන්නේ, සුවිශේෂී ස්ථානයකි.

ඉතා සියුම් හා ආකර්ශනීය ලෙස ලියනාඩෝ ඩා වින්සි විසින් සිතුවම් කරන ලද මොනාලිසා චිත්‍රය තුළින් සැඟවුණු යමක් මේ වන විට සොයා ගෙන තිබේ.

මෙම අපූර්ව නිර්මාණය පිළිබඳව පරීක්ෂණ කටයුතු කළ ප්‍රංශ ජාතික විද්‍යාඥයෙකුට මොනාලිසා චිත්‍රය තුළින් තව ත් සැඟවුණු චිත්‍රයක් සොයා ගැනීමට හැකිව තිබේ.

එලෙස ඔහුට මොනාලිසා චිත්‍රය තුළ ඇති සැඟවුණු චිත්‍රය සොයා ගැනීමට හැකිව තිබෙන්නේ, පරාවර්තිත ආලෝක තාක්ෂණය උපයෝගී කර ගනිමිනි.

පරාවර්තිත ආලෝක තාක්ෂණය උපයෝගී කර ගනිමින් චිත්‍රය පිළිබඳව පරීක්ෂණ කටයුතු කළ ප්‍රංශ ජාතික විද්‍යාඥ පැස්කල් කොටේ මාධ්‍ය වෙත පවසා ඇත්තේ, මෙම සොයා ගැනීමට ඔහුට වසර 10ක් පමණ ගත වූ බව ය.