FAST NEWS

24×7 Around the Globe

ක‍්‍රීඩා නාලිකාව ක්‍රීඩාව හැර යයි.

පසුගිය රජය සමයේ ආරම්භ කරන ලද සීඑස්එන් රූපවාහිනී නාලිකාව ක‍්‍රීඩා නාලිකාවක් ලෙස බලපත‍්‍රයක් ලබාගෙන තිබුණ නමුත් අද (9දා) සිට සාමාන්‍ය නාලිකාවක් අයුරින් නව වැඩසටහන් ආරම්භ කරනු ඇති බව වාර්තා වනවා.

ඒ අනුව පසුගිය දින සියයයේ අයවැය මගින් ක‍්‍රීඩා නාලිකාවන්ට පැනවූ විශාල බද්දෙන් මිදී කටයුතු කරන්නට එම නාලිකාවට හැකියාව ලැබෙනු ඇත.
මෙම නාලිකාවේ හිමිකාරත්වය පිළිබඳ රාජපක්ෂ පවුලට ඇගිල්ල දිගු කළද ඔවුන් එය ප‍්‍රතික්ෂේප කර තිබුණා.
ක‍්‍රීඩා නාලිකාවක් නොවුණත් කාල්ටන් ස්පොර්ට් නෙට්වර්ක් යන නම වෙනස් කර නැත.