FAST NEWS

24×7 Around the Globe

කුසල් ජනිත් පෙරේරා තහනම් උත්තේජක ගෙන නැහැ !!!

ශ්‍රී ලංකා ජාතික ක්‍රීකට් කණ්ඩායමේ සුපිරි ආරම්භක පිතිකරුවෙක් වන කුසල් ජනිත් පෙරේරාට මෙ වන විට තහනම් උත්තේජක චෝදනාවක් එල්ල වී තිබේ.

මෙ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පුහුණුකරු ජෙරම් ජයරත්න මහතා පවසන්නේ කුසල් ජනිත් පෙරේරා භාවිත කර ඇති ඖෂධය, අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලය විසින් තහනම් කරනු ලැබ ඇති ඖෂධයක් විය නොහැකි බවයි.

ඔහු සඳහන් කර සිටින්නේ පාදයේ ඇතිවූ තුවාලයක් සඳහා කුසල් මෙම ඖෂධය ලබාගෙන ඇති බවය.

කුසල් ලබා ගෙන ඇති ඖෂධය තුළ තහනම් සංඝටක ඇතුළත්ව තිබූ බවට ඔහු නොදැනුවත්ව සිටින්නට ඇති බවයි ජෙරම් ජයරත්න මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

අප සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිළධාරියෙකු කළ වීමසිමකදි  පැවසුවේ කුසල්ගේ පාදයක් කූඩැල්ලෙකු විසින් සපා කෑම හේතුවෙන් මෙම ඖෂධය ලබා ගෙන ඇති බවය.

එහෙත් කුමන කාලවකවානුවකදී ඔහු මෙම ඖෂධය ලබාගෙන ඇත්දැයි මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරනය වී නොමැත.

මේ වන විට නවසීලන්තයට ගොස් සිටින කුසල් දිවයිනට පැමිණි වහාම ඔහු ලබා ගත් ඖෂධ සහ ආහාර පාන සම්බන්ධයෙන් විමසා බලන බව ක‍්‍රිකට් ආයතනයේ එම උසස් නිළධාරියා අප වෙත කියා සිටියේය.