ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියේ ගමන් කරන මගීන් වෙනුවෙන් දඩ ලෙස අය කරනු ලැබු මුදල ඉහළ නැංවීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව රුපියල් 2500ක මුදලක් දැනට දඩ වශයෙන් අය කරනු ලබන අතර එම මුදල රුපියල් 5000 දක්වා වැඩි කිරීමට තීරණය කළ බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.
මීට අමතරව ගමන්ගාස්තුව මෙන් දෙගුණයක් ද දඩ වශයෙන් ගෙවිය යුතු වෙයි.
නව ගාස්තුව ජනවාරී 01 වැනිදා සිට එය ක්‍රියාත්මක කිරීමට නියමිතය.







