FAST NEWS

24×7 Around the Globe

ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කරන්නන්ට දුම්රියේ දඩය දෙගුණ වෙයි.

ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියේ ගමන් කරන මගීන් වෙනුවෙන් දඩ ලෙස අය කරනු ලැබු මුදල ඉහළ නැංවීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව රුපියල් 2500ක මුදලක් දැනට දඩ වශයෙන් අය කරනු ලබන අතර එම මුදල රුපියල් 5000 දක්වා වැඩි කිරීමට තීරණය කළ බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

මීට අමතරව ගමන්ගාස්තුව මෙන් දෙගුණයක් ද දඩ වශයෙන් ගෙවිය යුතු වෙයි.

නව ගාස්තුව ජනවාරී 01 වැනිදා සිට එය ක්‍රියාත්මක කිරීමට නියමිතය.