FAST NEWS

24×7 Around the Globe

හිරුණිකා පාර්ලිමේන්තුවේදී කනස්සල්ල ප්‍රකාශ කරයි.

වසර 2016 අයවැය කාරක සභා අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් නොසිටීම පිළිබඳව එජාප මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය කනස්සල්ල ප්‍රකාශ කළාය.

එම අවස්ථාවට ඒකා බද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරියන් වන පවිත්‍රා වන්නිආරච්චි, ගීතා කුමාරසිංහ හා ශ්‍රියානි විජේවික්‍රම යන තිදෙනාම සහභාගිවී නොසිටි බව වාර්තා වේ.

ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරියක් වන තලතා අතුකෝරාල මහත්මියද උදේ වරුවේ පාර්ලිමේන්තුවට පැමිණ විවාදයට සහභාගි නොවී පිටව ගොස් ඇත.