ටජිකිස්ථානයේ ප්රභල භූ චලනයක් සිදුව තිබෙනවා. එය රික්ටර් මාපකයේ සටහන් වී ඇත්තේ ඒකක 7.2 ක් ලෙසටයි.
මෙම කම්පනය ටජිකිස්ථානයට බොහෝ දුරින් පිහිටි නවදිල්ලි නුවර / උතුරු ඉන්දියාවේ තවත් ප්රදේශ කිහිපයකට මෙන්ම පකිස්ථානයේ ප්රදේශ කිහිපයකට ද දැනී ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.
එම ප්රදේශවල ගොඩනැගිලි ද සෙලවී ඇතැයි සඳහන්.
කෙසේවෙතත් මෙමගින් ටජිකිස්ථානයට සිදුවු හානියක් මෙතෙක් අනාවරණ වී නැහැ.







