FAST NEWS

24×7 Around the Globe

ජොනී ඩෙප් දැන් තැන්පත් වෙලා.

මත්පැන් බී අවසිහියෙන් ප්‍රසිද්ධියේ දොඩවන කෙනකු හොලිවුඩ්පුර සිටින බව දැන් බොහෝ දෙනකු දන්නා කාරණයක්. ඔහු තමයි, ජොනී ඩෙප්. මේ ජනප්‍රිය හොලිවුඩ් තරුව 1983 දී විවාහ කර ගත්තේ වේශ නිරූපණ ශිල්පිනියක වන ලෝරි ඈන් ඇලිසන්වයි.

මේ විවාහය 1986 දී කෙළවර වුණා. මේ වන විට 52 වැනි වියෙහි පසුවන ජොනී නැවත යුගදිවි ගමන් අරඹන්නේ මේ වසරේදීයි. ඔහු විවාහ කර ගත්තේ ජනප්‍රිය නිළි ඇම්බර් හර්ඩ්වයි.

2014 දී පැවැති හොලිවුඩ් සිනමා උලෙළේදී වේදිකාවේ සිටිමින් ඔහු කතා කළ විලාසයෙන් ඔහුගේ බීමත්කමේ තරම කවුරුත් මැන ගත්තා. කොහොම වෙතත් මෑතකදී ඔහු, ඇම්බර් හර්ඩ් සමඟ යුග දිවියට එළඹුණු පසුව තත්ත්වය වෙනස් වෙලා.

පසුගිය දා පැවැති අලුත්ම චිත්‍රපටයක මංගල දර්ශනය නරඹන්න තම බිරිය සමඟ පැමිණි ජොනී, තැන්පත් විලාසයෙන් හැසිරුණා. ඔහු මාධ්‍යවේදීන් කිහිප දෙනකු සමඟ කීවේ තම බිරිය ඇම්බර්, පොතපත කියවන බුද්ධිමත් නිළියක බවයි.

johnny_depp_amber_heard_1adims1-1adin1samber-heard-hot-ec45df2ee8fe4e95d9b5a92d6c4159bd-large-180989WEST HOLLYWOOD, CA - JUNE 19:  Amber Heard at the "Magic Mike XXL" Press Conference at The London West Hollywood on June 19, 2015 in West Hollywood, California.  (Photo by Vera Anderson/WireImage)